ඇතැම් කෘෂිකර්ම නිලධාරීන් පොහොර සමාගම් සහ කෘමිනාශක සමාගම් මත යැපෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ප්‍රකාශ කිරීම වගකීම් විරහිත ප්‍රකාශයක් බව ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමය පවසයි.
එම ප්‍රකාශය වගකීම් විරහිත බවත් කෘෂිකර්ම නිලධාරීන් සිය ක්ෂේත්රය පිළිබඳ දැනුමින් සන්නද්ධ පිරිසක් බවත් එහි සඳහන් වෙයි.
රටේ ආහාර සුරක්ෂිතාව තහවුරු කිරීම සඳහා කැපවන කෘෂි නිලධාරීන්ගේ කාර්යභාරය හෑල්ලුවට ලක්කිරීම හෙළා දකින බවත් එම නිවේදනය මගින් වැඩි දුරටත් ප්‍රකාශ වෙයි.