පවතින ආර්ථික තත්ත්වය දඩමීමා කරගෙන පාරිභෝගික භාණ්ඩවලට හිතූ හිතු අසාධාරණ මිල ගණන් අය කරන වෙළෙඳුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ට ඊයේ (2) උපදෙස් දුන්නේය.
වෙළෙඳුන්ට අභිමතය පරිදි මිල ගණන් තීරණය කිරීමට ඉඩ නොදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පාලනය කළ යුතු බව ද ජනාධිපතිවරයා දැනුම් දුන්නේය.
ඔහු මෙසේ දැනුම් දුන්නේ ආහාර සුරක්ෂිතතාවට අදාළ අභියෝගවලට කඩිනම් විසඳුම් ලබාදීම සඳහා කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ඊයේ (2) පස්වරුවේ පැවැති සාකච්ඡාවකදීය. දිවයින පුරා සතොස සහ සමුපකාර වෙළෙඳසල් සක්‍රීයව පවත්වා ගෙන යෑමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.