කුළී සේනාංකවල හාමුදුරුවරු කාදිනල්තුමාට මඩ ගහනවා…! යුක්ති ඉල්ලා ජිනීවා යන්න එතුමාට ශුද්ධ අයිතියක් තියෙනවා…! – නිශාන්ත ශ්‍රී වර්ණසිංහ….

September 25, 2021 at 6:29 pm | by emanisa.lk

ආණ්ඩුවේ කුළී සේනාංක, කුලී හේවායින්, වොයිස්කට් බලසේනා නැවතත් ජාතිවාදය පැතිරවීමට කලඑළි බැස ඇතැයි ජාතික හෙළ උරුමයේ හිටපු ජාතික සංවිධායක, හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ පවසයි.

ගලගොඩඅත්තේ ඥානසාර, මාගල්කන්දේ සුදත්ත, මැඬිල්ලේ පඤ්ඤාලෝක හිමි සහ කුලී හේවායන් කාදිනල්තුමා ඉලක්ක කරගෙන විශාල ප්‍රහාරයක් එල්ල කරමින් ඇතැයි ඔහු චෝදනා කරයි.

ඒ අතර ම පාඨලී චම්පික රණවක පල්ලියේ පූජකවරුන් සමඟ එකතු වී කුමන්ත්‍රණයක් සිදුකරමින් ඇතැයි ද ප්‍රචාරයක් දියත් කර ඇතැයි නිශාන්ත ශ්‍රී වර්ණසිංහ සඳහන් කරයි.

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු නොවූ බව කියමින් එය ජාත්‍යන්තරයට ගෙන ගිය බවට කාදිනල්තුමාට චෝදනා නඟන බවත් යුක්තිය ඉල්ලා කාදිනල්තුමාට ජාත්‍යන්තරයට යාමට ශුද්ධ වූ අයිතියක් ඇතැයි ද ඔහු අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස