කුළීහේවා කතාව වහාම ඉල්ලා අස්කර ගනු….! – පොහොට්ටු ලේකම්ට සමාජමාධ්‍යයේ කුණු බැනුම්….!

February 16, 2021 at 3:49 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා වහා ම ෆේස්බුක් කුළි හේවා කතාව ඉල්ලා අස්කරගත යුතු බවට සමාජ මාධ්‍යවල බල කරමින් තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණයට විශාල දායකත්වයක් ලබා දුන් කඳවුරට හිතැති සමාජමාධ්‍ය කණ්ඩායම් මෙම ප්‍රකාශය මගින් අවතක්සේරුවට ලක්කර ඇතැයි ඔවුහු චෝදනා කරති.

ෆේස්බුක් කුළී හේවායන් ලවා මඩ ගසමින් දේශපාලන ගමනක් යා හැකි යැයි විමල් වීරවංශ සිතුව ද තමන් එසේ නොසිතන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් ඊයේ (15) මාධ්‍ය හමුවකට එකතු වෙමින් ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *