කුසල්ගේ ඩර්බන් ඉනිම වසර 142 ටෙස්ට් ඉතිහාසයේ විශිෂ්ටතම ඉනිම ලෙස නම් කරයි!

February 21, 2019 at 5:33 am | by admin

වසර 142ක් පුරා දිව යන ලෝක ක්‍රිකට් ඉතිහාසයේ එදා මෙදා තුර දියත් වූ විශිෂ්ටතම ටෙස්ට් ඉනිම ලෙස කුසල් ජනිත් පෙරේරා දකුණු අප්‍රිකාවට එරෙහිව නොදැවී රැස් කළ ලකුණු 153 cricinfo වෙබ් අඩවිය විසින් නම් කර ඇත. එම වගුවේ ඉතිහාසය පුරා දක්නට ලැබුණු විශිෂ්ටතම ඉනිම් 25ක් දැක්වෙයි. එහි තෙවන ස්ථානය සනත් ජයසූරියටත් 14 වන ස්ථානය මහේල ජයවර්ධනටත් හිමි වී තිබේ.

ලොව හොඳම ටෙස්ට් ඉනිම ලෙස 1991 වසරේ සිට වැජඹුණේ එංගලන්ත කණ්ඩායමේ Graham Gooch බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව රැස්කළ ලකුණු 154 ඉනිමය. ඒ සඳහා ප්‍රසාද ලකුණු 866.6ක් හිමි වූ අතර කුසල්ගේ ඉනිමට ප්‍රසාද ලකුණු 897.2 එනම් ලකුණු 30ක් වැඩි පුර හිමි වී තිබේ. 2018 වසරේ මෙම ලැයිස්තුවේ 25 වැනි ස්ථානයට ඉන්දිය කණ්ඩායමේ Cheteshwar Pujara රැස් කළ ලකුණු 123ක ඉනිම එකතු විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *