කුවේටය කොරෝනා ලෙඩ්ඩු ටික කොලේ වහලා ලංකාවට පැටෙව්වා! මේක අපේ රටට බෝම්බ ගැසීමක්! – කුවේටයට ලංකාවෙන් දැඩි චෝදනා….

May 26, 2020 at 11:13 am | by emanisa.lk

විදේශගත ශ්‍රමිකයන් ගෙන්වීම සමග ලංකාවේ නැවත කොරෝනා පැතිරීමේ අවදානමක් ඇති නිසා ඔවුන් ගෙන ඒම තාවකාලිකව අත්හිටුවා ඇති බව ඇමති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

කුවේටයේ සිට මෙරට ගෙන්වන ලද පිරිස අතර කොරෝනා ආසාදිතයන් සිතා මතා මෙරටට එවා ඇතැයිද ඔහු චෝදනා කළේ දෙරණ රූපවාහිනියේ‘360’වැඩසටහනට එක්වෙමිනි.

“කුවේට්වලින් ආව කට්ටිය අපි තෝර ගත්ත කට්ටියක් නෙවෙයි. ඒ රටෙන් ඒගොල්ලොම තෝරලා ඒගොල්ලන්ගේ ෆ්ලයිට් එකේ එවපු කට්ටිය.

අපේ රටේ බබ්බු නෙමෙයි ඉන්නේ. ඉතාම පැහැදිලියි එහෙ ඉන්න කොරෝනා ලෙඩ්ඩු ටික මෙහාට එව්වා.

අපිට බෝම්බයක් ගැහුවා කියන එක තමයි අපිට තේරෙන්නේ. මේවා අපිට හොඳ පාඩම්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස