කුරුණෑගල හලාවත ගැටුම් පිටුපස එජාප ආණ්ඩුවේ මැති ඇමතිලා! මහා සංහාරයකින් රට අරාජික කර ආණ්ඩුව රැකගැනීමේ කුමන්ත්‍රණයක්!

May 13, 2019 at 3:35 pm | by admin

හලාවත අවුළන්න ගිය ප්‍රහාරය පිටුපස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර ද සහ කුරුණෑගල ඇවිළීමට ගිය ගින්න පිටුපස එක්සත් ජාතික පක්ෂ ඇමති අකිල විරාජ් කාරියවසම් ද නැතිදැයි සොයා බලන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ආණ්ඩුවට අභියෝග කළේය.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට උවමනා වී ඇත්තේ සිංහල මුස්ලිම් ගැටුමක් නිර්මාණය කර මහා සංහාරයක් කර රටම අරාජික සහ අස්ථාවර කර ඉදිරි මැතිවරණ ද කල්දමා ඇමරිකානු හමුදාව ශ්‍රී ලංකාවේ බින්න බස්සවා ගැනීමට යැයි ඔහු පෙන්වා දුන්නේය. විදේශීය හමුදා විශේෂඥ සහාය ලබාගෙන මෙම ගැටලුව විසඳන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසන්නේ එහෙයින් බව ද ඔහු හෙළි කළේය.

එහෙයින් වහාම මේ රටේ ජනතාවගේ ජීවිත සමග කරන සෙල්ලම නතර කරන ලෙසත් ත්‍රස්ත විරෝධී මෙහෙයුම් එක් මධ්‍යගත කේන්ද්‍රස්ථානයක් වෙත ගෙන එන ලෙසත් ආණ්ඩුවට බල කරන බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

බෝම්බ ප්‍රහාරයෙන් සිංහල සහ දෙමළ කතෝලික ජනතාව සිය නෑසියන් අහිමි වී දුකින් පසුවන අතර ජනාධිපතිවරයා ඡන්ද කුට්ටියකට ලොබින් බොරුවට මුස්ලිම් ජනතාව සනසන බවට ද චෝදනා කළේය. කාදිනල්තුමා මේ රට සිංහල බෞද්ධ රටක් බවත් ඊට අනුගතව ජීවත් විය යුතු බවත් පවසන විට මේ රට සිංහල බෞද්ධ නොවේ යැයි කෑ ගසන මංගල සමරවිරලා මැති ඇමතිකම් දරන මේ ආණ්ඩුවට මෙම ත්‍රස්තවාදය කිසි දිනක අවසන් කළ නොහැකි බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

වහාබ්වාදය පතුරුවන මද්රාසා පාසල් ඇතුළු සියලු ඉගැන්වීම් වහාම තහනම් කළ යුතු බවට ආණ්ඩුවඉ බලකළ මන්ත්‍රීවරයා නැවත ජාතිවාදී ගින්නක් අවුළා එහි දේශපාලන වාසි ගැනීමට කටයුතු නොකරන ලෙසත් අගමැති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටියේය.

එසේම වහාබ්වාදයේ  පියවරුන් වන බද්යුදීන්, අසාද් සාලි, හිස්බුල්ලා අනාගත ආණ්ඩුව සඳහා සම්බන්ධ නොකර ගන්නා බවට ඒකාබද්ධ විපක්ෂය ජාතිය හමුවේ ප්‍රතිඥා දිය යුතු බවත් අහිමි වී ජීවිත 300ක් මත පන්දු ගැසීමට හෝ ගසාකෑමට කිසිවකුට ඉඩ නොතබන බවත් එම වේදනාව මත අප සිටගත යුතු බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

වහාබ්වාදයේ කඩු පහර අපේ දරුවන්ගේ ගෙළ මතට වැදෙන තුරු ටීක් බෝල ගැසීමේ ආණ්ඩුවේ රැවටිල්ලට ඉඩ දිය යුතු නැති බවත් මව් පොළොව ඉල්ලා සිටින නායකත්වය ලබා දිය යුුතු බවත් ඔහු අවධාරණය කළේය.

ජාතික නිදහස් පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමය ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් අද (13) මේ බව හෙළිදරව් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *