කුරුණෑගල පුරපතිට වැඩ වරදී! රාජසභාව විනාශ කළ අයගේ වියදමින් හදන්න නිර්දේශ!

July 22, 2020 at 4:33 pm | by emanisa.lk

කුරුණෑගල බුවනෙක හෝටලය පවත්වා ගෙන ගිය ඉපැරණි ගොඩනැඟිල්ල සංරක්ෂණය කළ යුතු බව ඒ පිළිබඳ සොයා බැලීමට පත්කළ පංච පුද්ගල විශේෂඥ කමිටුව නිර්දේශ කර තිබේ.

අද (22) උදේ මෙම වාර්තාව අගමැති මහින්ද රාජපක්ෂ වෙත ලබා දී ඇත.

මෙම ගොඩනැඟිල්ල සංරක්ෂණය කර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරා ගැනීමටත් සංරක්ෂණයට උවමනා ප්‍රතිපාදන මෙම විනාශය කළ පුද්ගලයන්ගෙන් හෝ ආයතනවලින් අයකර ගැනීමටත් එහි යෝජනා කර ඇත. එසේම මෙම විනාශයට වගකිව යුතු අයට එරෙහිව නීතිමය පියවර ගැනීමට ද නිර්දේශ කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *