කුරුණෑගල නගරාධිපති අට පාස් නැති නූගතෙක්! ආර්ය චක්‍රවර්ති වගේ හැසිරෙන්නේ ඒකයි! – දයාසිරි

July 20, 2020 at 6:30 am | by emanisa.lk

පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි මෙන්ම ආර්ය චක්‍රවර්තින්ද අත නොතැබූ දෙවන බුවනෙක බාහු රජුගේ රාජ මණ්ඩපයට කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති තුෂාර සංජිව අත තැබුවේ නුගත්කම නිසා බව එම දිස්ත්‍රික්කයට පොදුජන පෙරමුණෙන්ම තරඟ කරන දයාසිරි ජයසේකර සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයාද වන ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ කුරුණෑගල නගරාධිපතිවරයා ආර්ය චක්‍රවර්තින්ටත් වඩා ඉදිරියට ගොස් ඇති බවය.

ගම්වල සිටින නූගතුන් මේ වගේ තැන් වලට එව්වම සිදුවන්නේ මෙවැනි දේවල් බව පෙන්වා දෙන ජයසේකර මහතා අදාළ නගරාධිපතිවරයා 08 පාස් නැති බවද සනාථ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *