කුමාර වෙල්ගම පවුලම මහ ඡන්දෙට! පොහොට්ටුවෙන්ම විරෝධය!

March 24, 2019 at 8:44 am | by admin

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් නායක කුමාර වෙල්ගම සහ ඔහුගේ පුතා වන බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සෙනල් වෙල්ගම මෙවර මහ මැතිවරණයට තරඟ කිරීමට සූදානම් වන බව වාර්තා වෙයි.

කුමාර වෙල්ගම ඌව පළාතෙන් ද සෙනල් වෙල්ගම බස්නාහිර පළාතෙන් ද තරඟ වැදීමට සූදානම් වන බව වාර්තා වන අතර මේ සඳහා ඌව පළාතේ මෙන්ම බස්නාහිර පළාතේ ද පොදුජන පෙරමුණේ සෙසු නායකයන්ගේ විරෝධය එල්ල වී තිබේ.

ඔවුන් දෙපිරිසම මේ පිළිබඳ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පැමිණිලි කර ඇති අතර පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාට එරෙහිව ප්‍රකාශ නිකුත් කරන අයකු පක්ෂයට පලක් නොමැති බව පවසා තිබේ.

මීට පෙරද තමා වෙල්ගමට අවවාද කළ බවත් ඔහු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු හෙයින් එකවර තීන්දුවක් ගත නොහැකි බවත් පවසා ඇති මහින්ද රාජපක්ෂ තව වරක් ඔහු සමග සාකච්ඡා කරන බව එම පිරිසට පවසා ඇත.

එසේම ජනාධිපතිවරණයකට ඉදිරිපත් වී තමාට ජයගත හැකි බව කුමාර වෙල්ගම සිතන බව ද ඔවුන් හිටපු ජනාධිපතිවරයාට පවසා ඇති අතර එහිදී හිටපු ජනාධිපතිවරයා සිනාසුනා මිස කිසිවක් පවසා නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *