දේශපාලන ලෝකයේ බොහෝ කුණාටුවලට තමන් මුහුණ දුන් බවත් ඒවාට කිසිදා බිය නොවන බවත් ඇමැති විමල් වීරවංශ පවසයි.
‘තමුන්නාන්සේලා දන්නවා අපි දේශපාලනයේ බොහෝ කුණාටුවලට මූණ දීපු අය. මම ජනතා විමුක්ති පෙරමුණ ඉන්දෙද්දි ඒකෙන් එළියට බහින්න වෙච්ච් එක තමයි ලොකුම කුණාටුව. ඒ කුණාටුවවත් අපි මුහුණ දුන්නා.
2015 ජනවාරි 08 පැරදුනාට පස්සේ ආපු කුණාටුවටත් අපි මූණ දුන්නා.
සමහර කුණාටු නාවොත් අලුත් ගොඩබිම් හොයාගන්න හම්බ වෙන්නේ නෑ. ඒ නිසා අපි කුණාටුවලට බය වෙන්නෙත් නෑ. කුණාටුවලට අපිව බය කරන්නත් බෑ.’
උත්සව සභාවක් අමතමින් ඇමැතිවරයා මේ අදහස් පළ කළේය.