කුණ්ඩසාලේ මහමෙව්නා අසපුවේ ඇඳන් 1000ක කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක්…!

June 12, 2021 at 9:13 pm | by emanisa.lk

මධ්‍යම පළාතේ විශාලතම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය ලෙසින් කුණ්ඩසාල මහමෙව්නා අසපුවේ ස්ථාපිත කළ අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය අද (12) සෞඛ්‍ය අංශ වෙත භාර දෙනු ලැබීය.

රෝගීන් 1000 කට එකවර ප්‍රතිකාර ලබාගත හැකි මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ පහසුකම් රැසකින් සමන්විතය.

මහමෙව්නා අසපුවේ නිර්මාතෘ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ පූර්ණ එකඟතාව හා අනුශාසනා පරිදි කුණ්ඩසාල මහමෙව්නා අසපුවේ විහාරාධිකාරී පූජ්‍ය නාලන්දේ පවර හිමිවරුන්ගේ අනුශාසනා පරිදි මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කෙරිණි.මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු. ගමගේගේ මැදිහත්වීමෙන් මධ්‍යම පළාත් සභා අරමුදල් ද මේ සඳහා යෙදවිණි.
කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාව ඇතුළු ආයතන රැසක් විසින් මේ සඳහා පහසුකම් සලසනු ලැබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *