මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙක් වන දෙමටගොඩ රුවන් විසින් කොළඹ ප්‍රසිද්ධ විහාරස්ථානයක භික්ෂූන්වහන්සේ නමකට ලබා දුන් මෝටර් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීම ප්‍රතික්ෂේප කර තිබේ.
එය සඟසතු කළ එකක් බව එම භික්ෂුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට පවසා තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ පවසා ඇත්තේ පූජා කළ පලියට කිලිටිවෙච්ච දේ අතපත ගෑමට ගිය හොත් අධිකරණයට ද යාමට සිදුවනු ඇති බවය.
එහිදී බියට පත්වූ එම භිික්ෂුව අද දවස තුළ වාහනය භාරදෙන බව පවසා ඇති අතර මේ වන විට වාහනය භාරදී ඇති බවක් වාර්තා වන්නේ නැත.
දෙමටගොඩ රුවන් CAA 7….. අංකය දරන වෙසල් වර්ගයේ සුුදු පැහැති රථයට අමතරව සුඛෝපභෝගී නිවසක් ද මෙම භික්ෂුවට ලබා දී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන වලින් අනාවරණය වී තිබේ.