කුඩු මර්දනය කරන්න ඕන පොලිස් නිලධාරීන් 100යි! – පෙරටුගාමි සමාජවාදී පක්ෂය

March 5, 2020 at 12:37 pm | by emanisa.lk

කුඩු මර්දනය සඳහා රට පුරා පාසල්වලට පොලිස් නිලධාරියකු බැගින් අනුයුක්ත කිරීම විහිළුවක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි.

රටට කුඩු පැමිණෙන ආකාරය පොලිසිය දන්නා බවත් රේගුව සහ අනෙක් තිප්පොළවල් ටික වැටලීමෙන් කුඩු මැඩලිය හැකි බවත් හෙතෙම පවසයි. ඒ සඳහා උවමනා පොලිස් නිලධාරීන් 100ක් පමණ බව ද හෙතෙම පෙන්වා දෙයි. පසුගිය සමයේ පොලිස්පතිවරයකුගේ උපන් දින සාදයක රටේ ලොකුම කුඩු ව්‍යාපාරිකයා සිටි බව ද හෙතෙම හෙළි කළේය.

එසේ නොමැතිව කුඩුවලට රටට එන්නට ඉඩ දී රට පුරා පාසල් 10 000කට පමණ පොලිස් නිලධාරියකු බැගින් දැමීම මගින් කුඩු මැඩලිය නොහැකි බව ඔහු අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස