කුඩාරම් හකුළගෙන වහාම ඉවත් වනු..! ගාලු මුවදොර අරගලකරුවන්ට පොලිසියෙන් අවසාන නියෝග..!

August 3, 2022 at 6:28 pm | by emanisa.lk

ගාලු මුවදොර රජය සතු ඉඩම්වල සිදුකළ සියලු ඉදිකිරීම් සහ වගාවන් ඉවත් කරගන්නා ලෙස පොලිසිය නියෝග කරයි.

මෙම නියෝගය අනුව සියලු අනවසර ඉදිකිරීම් 05 වෙනිදා හවස 05ට පෙර ඉවත් කරගත යුතු බවයි, පොලිසිය වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

මහ ජනතාවගේ අද්‍රව්‍යමය අයිතිවාසිකම් උල්ලංඝනය වහා ම නතර කරන ලෙස ද පොලිසිය දැනුම් දෙයි.

ඊට අවනත නොවන අයට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා බව ද පොලිසිය ප්‍රකාශ කරයි.

අද (03) පස්වරුවේ පොලිසිය ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගී කරගෙන ගාලු මුවදොර දී මෙම නිවේදනය නිකුත් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *