කුකුළු මස් මෙට්‍රික් ටොන් 7500ක් ගබඩාවල! කිලෝව රු. 350ට විකුණන්න සූදානම්!

April 11, 2020 at 12:31 pm | by emanisa.lk

ශීතාගාරවල ගබඩා කර ඇති කුකුළු මස් මෙට්‍රික් ටොන් 7500ක තොගය කිලෝග්‍රෑමයක් රුපියල් 350 බැගින් අලෙවි කිරීමට කුකුළු මස් නිෂ්පාදකයන් රජයට යෝජනා කර ඇත.

​කොවිඩ්-19 වෛරසය පැතිර යාම සහ ඇඳිරි නීතිය හේතුවෙන් කුකුළු මස් මෙලෙස ශීතාගාරවල ගබඩා කර ඇත.

නිවෙස්වලට ගොස් අලෙවි කිරීමට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් අලෙවි කිරීමට වැඩපිළිවෙළක් සකස් කරනබව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ආචාර්ය එස්.එස්. සුසිල් සිල්වා පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස