කිසිවෙකුට මාව සිරගත කරන්න බෑ! මං අත්අඩංගුවට ගත්තොත් ඉන්නේ රෝහලේ ගෙවන වාට්ටුවේ! – රාජිත

December 25, 2019 at 3:27 pm | by emanisa.lk

තමන් අත්අඩංගුවට ගතහොත් එක මොහොතක් බන්ධනාගාර සිර කුටියේ ගත නොකරන බව හිටපු ඇමැති රාජිත සේනාරත්න සඳහන් කර ඇත.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ තමා අත්අඩංගුවට ගන්නැයි නියෝගයක් නිකුත් කිරීමෙන් පසු ඔහුගේ නිවසට එක් වූ දේශපාලන හිතවතුන් අමතමිනි.

තමන් මේ වන විටත් වෛද්‍ය වාර්තා සියල්ල සූදානම් කර ඇති බවත් රිමාන්ඩ් කළහොත් තමන් රෝහලේ ගෙවන වාට්ටුවල ඉතා පහසුවෙන් ඇතුළු වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ඔහු සඳහන් කර ඇත.

තමන් හෘද සැත්කමකට භාජනය වූ නිසා කිසි ලෙසකින් බන්ධනාගාරයේ රඳවා ගැනීමට අවශ්‍ය වෛද්‍ය පහසුකම් නැතැයිද ඔහු සඳහන් කර ඇත.

රාජත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීමත් සමග ඉන්ද්‍රනාථ තේනුවර, වික්‍රමබාහු කරුණාරත්න ඇතුළු සිවිල් සංවිධාන කණ්ඩායම් මෙන්ම එජාප මැති ඇමතිවරු ද ඔහුගේ නිවසට පැමිණ තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස