කිසිම ගැටුමක් නෑ කී සජබෙ ගැටලු විසඳන්න පංචපුද්ගල කමිටුවක්…!

October 5, 2021 at 10:23 am | by emanisa.lk

සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරුන්ට තම ගැටලු ඉදිරිපත් කිරීම සඳහා පක්‍ෂය විසින් පංචපුද්ගල කමිටුවක් පත් කර තිබේ.

සජබ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, සභාපති සරත් ෆොන්සේකා, ජ්‍යෙෂ්ඨ උප සභාපති ඉමිතියාස් බාකිර් මාකර්, භාණ්ඩාගාරික ඉරාන් වික‍්‍රමරත්න, ජාතික සංවිධායක තිස්ස අත්තනායක මෙම කමිටුවට ඇතුළත් වෙති.

සමගි ජන බලවේගය නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් මෙම කමිටුව පත්කර ඇති අතර මන්ත‍්‍රීවරුන් හෝ පක්‍ෂය සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වුවහොත් කමිටුව ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කරනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *