කිලිනොච්චියෙන් මෝටර් උණ්ඩ මතුවෙයි!

March 5, 2019 at 11:10 am | by admin

කිලිනොච්චිය, අක්කරායන්, කන්නගිපුරම් ප්‍රදේශයේ ඇළකින් ඊයේ(04) මෝටාර් උණ්ඩ මතුවි ඇති බව කිලිනොච්චිය, අක්කරායන්කුලම පොලිසිය පැවසීය.

පොලිසිය පැවසූවේ ඇළක බැම්මේ තිබි මෝටාර් උණ්ඩයක් ප්‍රදේශවාසීන් දැක ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කොට ඇති බවයි.

අදාළ ස්ථානය පොලිසිය පරීක්ෂා කොට ඇති අතර ඇළ බැම්බේ තිබි මෝටාර් උණ්ඩයක් වැනි යමක් මතුවි පෙනෙන්නට තිබෙන බවද පොලිසිය පැවසීය.

අදාළ පුපුරණ ද්‍රව්‍ය හමු වු ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ඉල්ලා ඇති බවද පොලිසිය සඳහන් කළේය.

පොලිසිය වැඩිදුරටත් පැවසූවේ අධිකරණ අවසරය මත පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය යොදාගෙන අද(05) දිනයේ අදාළ ස්ථානය පරීක්ෂා කිරීමට නියමිත බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය අක්කරායන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

ඒවා ඉකුත් ත්‍රස්ත ගැටුම් සමයට අයත් ද අලුතින් ගෙන ඇවිත් ද යන්න ඉදිරියෙදී හෙළි වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස