කිලිං ෆීල්ඩ් තැනූ චැනල් ෆෝ බ්‍රිතාන්‍ය රජයෙලු…! ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර මෙහෙයුම දස වසකට පසු එළියට…!

October 23, 2021 at 9:23 am | by emanisa.lk

ශ‍්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ කළ බවට වීඩියෝ චිත‍්‍රපට 2ක් නිපදවූ බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ රූපවාහිනි නාළිකාව බ්‍රිතාන්‍යය රජයට අයත් බව වසර 10කට පසු හෙළි වී ඇත.

මෙය හෙළි වූයේ එහි සභාපති බැරක් ගෝර්ඩ් චැනල් ෆෝ රූපවාහිනිය පුද්ගලික අංශයට විකිණීමට තීරණය කිරීමෙනි.

චැනල් ෆෝ නිපද වූ කිලිංපිල්ඩ් චිත‍්‍රපටය නිසා ශ‍්‍රී ලංකාවට ජාත්‍යන්තර ප‍්‍රජාවෙන් බරපතළ යුධ අපරාධ චෝදනා එල්ල විය.

මෙම චිත‍්‍රපටයට එරෙහිව ශ‍්‍රී ලංකා රජය දැඩි විරෝධය පළ කළ විට චැනල් ෆෝ බ්‍රිතාන්‍ය රජයේ ආයතනයක් නොව පුද්ගලික ආයතනයක් බව ප‍්‍රකාශ කර තිබුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *