කිරිපිටි වෙළෙන්දොත් ඩඩ්ලි මග යති…! මිල නියම කරති..!

October 8, 2021 at 12:50 pm | by emanisa.lk

ආනයනකික කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රු. 1300කට සහ ග්‍රෑම් 400ක කිරිපිටි ඇසුරුමක මිල රු. 520කට අලෙවි කිරීමට කටයුතු කරනු ලබන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය පවසයි.

දේශීය කිරිපිටි නිෂ්පාදකවරුන්ට සිය නිෂ්පාදන වත්මන් මිල යටතේ පවත්වා ගෙන යා හැකි බවද ඔහු සඳහන් කරයි.

දැනට කිරිපිටි කිලෝවක මිල රු.945කට සහ ග්‍රෑම් 400ක කිරි පැකට්ටුවක මිල රු. 380ක මිලකට අලෙවි කෙරනු ලබයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *