කිරිපිටි පරික්ෂාවට ලංකාවේ පහසුකම් නෑ! වහාම පරීක්ෂණාගාරයක් ඇති කරනු!

February 18, 2019 at 6:49 am | by admin

කිරිපිටි ඇතුලු ආහාර සම්බන්ධ පරීක්‍ෂණ කටයුතු කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරියට සම්පත් නොමැති බවත්, මේ නිසා අධිකාරිය තුළ පරීක්‍ෂණාගාරයක් ඇති කළ යුතු බවත් ලංකා පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ලංකා දික්කුඹුර මහතා සඳහන් කරයි.

කිරිපිටිවල අන්තර්ගතය පිළිබඳ පරීක්‍ෂා කිරීමට දැනට රජය යටතේ තිබෙන පරීක්‍ෂණ ආයතන ප්‍රතික්‍ෂේප කර තිබෙන බැවින් රජය ඒ පිළිබඳ දැඩි අවධානය යොමු කළ යුතුව ඇතැයි එම සංගමය පෙන්වා දෙයි.

ආහාර සම්බන්ධයෙන් අධිකාරියට ලැබෙන පැමිණිලිවලට අනුව අදාළ සාම්පල් රජයේ පරීක්‍ෂණාගාර වෙත යොමු කර අදාළ නීතිමය පියවර ගැනීම සිදුකරන බවත්, එහෙත් කිරිපිටි සම්බන්ධ ගැටලුවත් සමග කිරිපිටි සාම්පල් පරීක්‍ෂා කිරීමට නොහැකි බවට අදාළ ආයතන දන්වා තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස