කිරිපිටි කියලා මිනිස්සු බොන්නේ ඌරු තෙල්! සමාගම්වලට ඕන විදිහට මිල වැඩි කරන්න බෑ!

February 5, 2019 at 3:33 pm | by admin

කිරිපිටි මිල ගණන් සම්බන්ධයෙන් ලබන සතියේ රැස්වෙන ජීවන වියදම් කමිටුවේදී ගැඹුරු තීරණයක් ගැනීමට නියමිත බව කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් අද (5) පාර්ලිමේන්තුවේදී විමසූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. කිරිපිටි හිඟයක් මේ වනවිට ඇති වී තිබෙන බවත් ඒ පිළිබඳව ගන්නා පියවර කුමක් දැයි මන්ත්‍රී විජිත හේරත් මහතා විමසා සිටියේය. කිරිපිටි සමාගම් දිගින් දිගටම ඉල්ලීම් කර තිබෙන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා, ලබන සතියේ රැස්වෙන ජීවන වියදම් කමිටුවේදී මේ පිළිබඳව තීරණයක් ගන්නා බව කියා සිටියේය.

කිරි පිටි සමාගම් කියන ආකාරයට අමාත්‍යාංශය හෝ පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු නොකරන බවත් සමහර කිරිපිටි සමාගම් කිරිපිටි නාමයෙන් ගෙන්වන ඇතැම් නිෂ්පාදනවල ඌරු තෙල් හා ලැක්ටෝස් වැනි ද්‍රව්‍ය තිබෙන බවට පැමිණිලි ලැබී තිබෙන බවත් ඒ පිළිබඳව පරීක්ෂණ සිදු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *