කිරිපිටිවල පිළිකාකාරක කටුපොල් තෙල් අඩංගුයි! දරුවන්ට පිළිකා පිටිකිරි පොවන්න එපා! මව්කිරිවලට පසු දරුවන් ආහරවලට හුරුකරන්න!

March 22, 2019 at 3:11 pm | by admin

ඇතැම් ළදරු කිරිපිටි සඳහා කටුපොල්වල තෙල් කලවම් කරන බවට හෙළි වී තිබෙන බැවින් කුඩා දරුවන්ට කිරිපිටි ලබා නොදෙන ලෙස ළමා රෝග ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය අවවාද කරයි.

දරුවාගේ පෝෂණය සම්බන්ධයෙන් සෑම මවකටම සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් අත්පොතක් ලබාදෙන බවත්, මවුකිරි ලබාදීමෙන් පසු එම පොතේ සඳහන් ආකාරයට දරුවන්ට ආහාර ලබාදිය යුතු බවත් වෛද්‍යවරයා පෙන්වා දෙයි.

පොදුවේ කිරිපිටිවල ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් පවතින බවත් කටුපොල් මඟින් පිළිකා ඇති කරන බවට තහවුරු වී තිබෙන බවත් වෛද්‍ය පාදෙණිය හෙළි කළේය.

එසේම කිරිපිටිවලට මෙම ද්‍රව්‍ය කලවම් කිරීම හරහා ඒවා දරුවන්ගේ ශරිරයට ඇතුළු වන බැවින් දෙමවුපියන් ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතු බවත් ඔහු අවධාරණය කර සිටියේය.

එපමණක් නොව මෙරට දරුවන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයකට පිරිසිදු ජලය නිසි ලෙස නොලැබෙන බව සඳහන් කරමින් ඔහු පෙන්වා දුන්නේ, ජලය වෙනුවට වෙනත් පානීය ද්‍රව්‍ය ලබාදීම එයට හේතු වී ඇති බවයි.

ජනතාව නැවුම් දියර කිරි භාවිත කිරීම ගැටලුවක් නොවන බව ද ද්‍යෛවරයා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දියර කිරි ලබා දෙන බව කතානායක කරු ජයසූරිය පසුගියදා පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස