ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 150 කින් ද, ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 60 කින් ද, අද ( 30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමූ බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
ඒ අනුව කිරිපිටි කිලෝවක නව මිල 1,345ක් වන අතර ග්‍රෑම් 400 කිරි පැකට්ටුවක නව මිල රුපියල් 540ක් වේ.
මේ වන විට රට පුරා දැඩි කිරිපිටි හිඟයක් දැකගත හැකි අතර ඒ නිසා ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇත. බොහෝ විට මෙම මිළ ඉහළ නැංවීම සමග කිරිපිටි නැවතත් වෙළඳපොළට පැමිණෙනු ඇත.