කිරිඇල්ල දුරියන් පච කෙළිනවා! මදූෂ් එහෙම බෑග් එකක දාලා ගේන්න බෑ!

February 11, 2019 at 11:51 am | by admin

මාකඳුරේ මධූෂ් ඩුබායිහි අත්අඩංගුවට පත් වුණු පුවත මාධ්‍ය වල ප්‍රසිද්ධ නොකලා නම් කේපි ගෙනාවා වගේ මධූෂ් ලංකාවට ගේන්න තිබුණා කියා ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිතුමා මාධ්‍ය වලට දොස් කියනවා අපි දැක්කා. නමුත් ඒක දූරියන් බොරුවක්. දූරියන් කන කෙනාට සුවඳ වුණාට අනිත් අයට ගඳයි. ඒ වගේ කිරිඇල්ල ඇමතිතුමා මාධ්‍යවලට දොස් පැවරීමත් එයාට රසවත් වුණාට අපිට පිළිකුල් යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

අද දින (11) විපක්ෂයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පැවසිය.

කේපී නොහොත් කුමාරන් පද්මනාදන් කියන්නේ ලංකාවේ අපරාධ කර මැලේසියාවේ සැඟ වී සිටි අයෙක් මිස මැලේසියාවේ අපරාධ කළ අයෙක් නොවේ. ඒ නිසා ඔහුගෙන් මැලේසියාවට වැඩක් නෑ. ඉල්ලූ සැණෙන් ලංකාවට එව්වා. නමුත් මධූෂ් කියන්නේ ලංකාවේ වගේම ඩුබායිවලත් අපරාධ කළ අයෙක්. ඒ නිසා ලංකාවේ ආණ්ඩුව ඉල්ලූ සැණෙන් කිරිඇල්ල ඇමතිතුමා කියනවා වගේ බෑග් එකක දාලා ගෙනි යන්න දෙන්නේ නෑ.

දැනට ඔහුට චෝදනා දෙකක් ගොනු කරන්න සූදානම් වෙනවා. එකක් මත්ද්‍රව්‍ය භාවිතය. අනෙක මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම. සමහර විට මත්ද්‍රව්‍ය විකිණීමේ චෝදනාව ගොනු කරන්නත් පුළුවන්. ඒ අනුව වසර දහයක් දක්වා සිර දඬුවම් ලබා දෙන්න පුළුවන්. එහෙම වුණොත් එහි සිර දඬුවම් විඳලා ආවාට පස්සේ ලංකාවේ නඩු අහලා දඬුවම් කරන්න පුළුවන්.

ආණ්ඩුවට තවත් විකල්ප දෙකක් තිබෙනවා. දෙවන විකල්පය තමයි එහි සිර දඬුවම් නියම වුණාට පස්සේ ඒ රටින් ලංකාවේ සිර ගෙදරකට මාරු කර ලංකාවේ නඩු ඇසීම. තුන්වන විකල්පය තමයි එහි නඩු පැවරීමකින් තොරව ලංකාවට පිටුවහල් කර ලංකාවේ අපරාධවලට නඩු පැවරීම. මිනීමැරීම් සහ සංවිධානාත්මක මංකොල්ලකෑම් වැනි බරපතල අපරාධ සිදු කර තිබෙන්නේ ලංකාවේ. ඒ නිසා ඩුබායිවල නඩු අවසන් වී ලංකාවේ නඩු පවරන විට සාක්ෂිකරුවන් මිය යෑම සහ සාක්ෂි විනාශ වීම සිදු වී තිබෙන්න පුළුවන්. ඒ නිසා ඇත්තටම මිනීමැරුම් සඳහා දඬුවම් දෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඉක්මනින් නඩු විභාග පැවැත්වීමට සිදු වෙනවා.

මේ විකල්ප තුනෙන් කුමන විකල්පය භාවිතා කරනවා ද කියන එක තීරණය වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකා ආණ්ඩුව අතර ඇති වන එකඟතාව අනුවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස