කින්නියා උණු වතුර ළිං පරිශ්‍රයෙන් මහ බෞද්ධ විහාරයක සාක්ෂි මතුවෙයි! වැව් හතරක දියබදු විහාරයට පූජා කළ බව සඳහන් සෙල් ලිපියක් මතුවෙයි!

April 3, 2019 at 4:54 pm | by admin

කින්නියා උණුදිය ළිං පුරාවිද්‍යා රක්ෂිතයේ පිළිම ගෙයි කැණීම්වලින් ක්‍රි. පූ. 3 හා 4 සියවස්වලට අයත් යැයි සැක කරන පූර්ව බ්‍රාහ්මීය අක්ෂර සහිත සෙල්ලිපියක් හමු වූ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

කොටස් තුනකට කැඩි ඇති මෙම සෙල්ලිපියේ එක් කොටසක් පුරාවිද්‍යා විද්‍යා භූමියට අයත් සීමාවට පිටතින් සොයාගෙන ඇත. ඉතිරි කොටස් පිළිම ගෙය අතර තිබී සොයාගත් බව ප්‍රාදේශීය පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ ඩබ්. එච්. ඒ. සුමනදාස පැවසීය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තු සෙල්ලිපි අංශයට මෙම සෙල්ලිපිය පිටපත් කර යොමු කිරීමෙන් පසු එයින් ප්‍රකාශ වන්නේ රජ කෙනෙකු ඉදිකළ කූර වැව, මරුද වැව, කලා වැව, පාල වැව යන වැව්වලින් ලැබෙන දිය බද්ද මෙම ස්ථානයේ සංඝයා වෙත පූජා කළ බවයි.

දැනට ඒ අසළ කැණීම් කර ඇති දාගැබ හා කැණීම් කරමින් සිටින පිළිමගෙයට අමතරව උණුදිය ළිං අතර සංඝයා වහන්සේලාගේ ආරාමයක් තිබූ බව සාක්ෂි සහිතව තහවුරු වන බවත් මෙම ආරාමය සොයා කැණීම් කරන බවත් සහකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස