කෑගල්ලේ ආසාදිතයින් 505යි….! රජයේ නිල වාර්තාවේ 13යි….! සැබෑ වාර්තාව 39 ගුණයක් බාල කරයි…!

August 18, 2021 at 8:12 am | by emanisa.lk

කොවිඩ් ආසාදිත දත්ත සංඛ්‍යා විකෘති කරන බවට පසුගිය සමයේ ආණ්ඩුවට දැඩි චෝදනා එල්ල විය.

ගම්පහ සහ තිරිකුණාමල දිස්ත්‍රික්වල කොවිඩ් ආසාදිතයින් පිළිබඳ රජයේ වසංගත රෝග ඒකකයේ සංඛ්‍යා ලේඛන සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් නිකුත් කළ සංඛ්‍යා ලේඛන අතර දහස් ගණනක පරතරයක් තිබිණි.

ඒ සඳහා විශේෂඥ වෛද්‍යවරුන් දෙනෙනෙකු සහ ඉහළ හමුදා නිලධාරියෙකු සම්බන්ධ බවට චෝදනා කළේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී මොහොමඩ් මුසාම්මිල් විසිනි.

ඊයේ මාධ්‍ය අනාවරණය කළ පරිදි කෑගල්ල දිස්ත්‍රික්කයේ ද කොවිඩ් ආසාදිතයින් පිළිබඳ දත්ත වාර්තා කර ඇත්තේ විශාල විකෘතියක් සමගය.

පසුගිය 16 වෙනිදා ආසාදිතයින් 13 දෙනෙකු වාර්තා වූ බව වසංගත රෝග ඒකකය වාර්තා කරන අතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විසින් රෝගීන් 505ක් වාර්තා කර තිබේ. මෙය සැබෑ තත්ත්වය 39 ගුණයක් පමණ බාල කර රටට ඉදිරිපත් කිරීමකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *