වන සංහාරය මැද මාවුස්සාකැලේට විනාඩි 45 කෘත්‍රිම වැස්සක්! ඉදිරියේදී කාසල්රී සහ මාවුස්සාකැලේටත් කෘත්‍රිම වැසි! (video)

March 22, 2019 at 6:27 pm | by admin

මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට කෘත්‍රිම වැසි ඇති කිරිම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වයි 12 ගුවන් යානයකින් අද උදැසන 11ට පමණ ඉහළ අහසේ වලාකුළු මත රසායනික ද්‍රව්‍ය ඉසීමෙන් අනතුරුව එම ජල පෝෂක ප්‍රදේශවලට අද (22) පස්වරු 1 සිට 1.45 දක්වා වර්ෂාවක් පතිත වී ඇත.

ගුවන් හමුදාවේ වයි12 ගුවන් යානය විනාඩි 45 පමණ කාලයක් මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයේ ඉහළ අහස වලාකුළු මත පියසර කරමින් රසායනික ද්‍රව්‍ය වලාකුළු මත මුදාහැර ඇත.

ඉදිරි දින කිහිපයේදිත් කාසල්රි සහ මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට කෘත්‍රිම වැසි ඇති කිරිම සඳහා ගුවන් මඟින් වලාකුළු මත රසායනික ද්‍රයමය මුදා හැරීමට කටයුතු කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රකාශ කර සිටියි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස