ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව තුළ මහා පරිමාණ ඉඩම් වංචා සිදුව ඇති බැවින් ඒ පිළිබඳ පොලිස් පරීක්‍ෂණ සිදුකෙරෙන බව ද නොච්චියාගම කැලෑවේ අක්කර 50 කට මීගමුව පොල් අක්කර 50 ක ඉඩමක් මාරුකර ඇතැයි ද ඉඩම් ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවැසීය.
ඊට අමතරව හන්තාන ප‍්‍රදේශයේ විශාල වශයෙන් ඉඩම් අවභාවිත කිරීම පිළිබ`දව මේ වන විට පරීක්‍ෂණ කෙරී ගෙන යන බව ද විපක්‍ෂයේ මන්ත‍්‍රී ජේ. සී. අලවතුවල විසින් අසන ලද ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
ඇතැම් අයට ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් අක්කරය රුපියල් 500 බැගින් ඉඩම් ලබාදී ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි ද, 1972 සිට ම මෙම ආයතනය තුළ වංචා දූෂණ සිදුව ඇතැයි ද ඉඩම් ඇමැතිවරයා කියා සිටියේය.