කැබිනට් සංශෝධනය කල් යයි..! ශ්‍රීලනිපය නැවතත් දෙකඩ වන හැඩ..! ආණ්ඩුව මුස්ලිම් පක්ෂ පසුපස..!

January 17, 2022 at 12:31 pm | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමේ සූදානම සැලකිල්ලට ගනිමින් කැබිනට් සංශෝධනය කල් දැමීමට ජනාධිපති ගෝඨාභය රාජක්ෂ තීරණය කර ඇතැයි ඩේලි මිලර් පුවත්පත වාර්තා කරයි.

එම වාර්තාවේ දැක්වෙන්නේ කැබිනට් සංශෝධනයේ දී ධීවර, කෘෂිකර්ම, අධිවේගී මාර්ග සහ පරිසර අමාත්‍යංශ වෙනස් වීමට ඉඩ ඇති බවයි.

කෙසේ නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වන්නේ ද නැත් ද යන්න පිළිබඳව මේ වන විටත් අවසන් තීරණයක් ගෙන නොමැති අතර එම පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ආණ්ඩුවේ තව දුරටත් රැඳී සිටිනු ඇති බව ද වාර්තා වෙයි. එසේ වුවහොත් නැවතත් ශ්‍රීලනිපය දෙකඩ වීමේ අවධානමක් මතුව තිබේ.

මේ අතර ආණ්ඩු පක්ෂය ද මුස්ලිම් පක්ෂ සමඟ සාකච්ඡා කරමින් ඔවුන් ආණ්ඩුවට එක් කර ගැනීමට උත්සාහ දරමින් සිටින බව වාර්තා වෙයි. මේ අනුව ඉදිරියේ ඇති වන කැබිනට් සංශෝධනයේ දී රාජ්‍ය අමාත්‍ය ධුර සඳහා අලුත් මුහුණු කිහිපයක් එක් වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *