කැබිනට් සංශෝධනයක් එයි….! ඇමැති පට්ටම් 06ක් මාර වෙයි…! තව තිදෙනෙකුට ඇමැති වරම්…!

July 18, 2021 at 7:51 am | by emanisa.lk

ඉදිරි දිනවල රජය විසින් සිදු කිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී කැබිනට් අමාත්‍යංශ හයක පමණ වෙනස්කම් සිදුකිරීමට රජය සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

රජයේ නව දේශපාලන ප්‍රතිසංස්කරණ යටතේ මෙම කැබිනට් සංශෝධනය සිදුකිරීමට නියමිත අතර එහි දී කැබිනට් අමාත්‍යංශ 06ක පමණ විෂයන් මාරු කිරීමට යෝජනා වී තිබේ.

එලෙස මාරු කෙරෙන විෂයන් වන්නේ විදේශ, අධ්‍යාපන, කර්මාන්ත, බලශක්ති, ප්‍රවාහන හා නිවාස යන විෂයන් බව ද සඳහන් වෙයි. මේ හැර තවත් විෂයන් දෙකක් මාරු කළ යුතු බවට සාකච්ඡාවක් වී අතර ගැන අවසන් තීරණයක් ගෙන නැත.

මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී දැනට පුරප්පාඩුව පවත්නා කැබිනට් අමාත්‍ය තනතුරු 02 සහ රාජ්‍ය අමාත්‍ය ධුර 01න් කිහිපයක් සඳහා නව පත්වීම් සිදුකළ යුතු බවට ද යෝජනා වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *