කැබිනට් සංශෝධනයක් අත ළඟ…..! විමල් සහ ගම්මන්පිලගේ කෑලි ගැලවෙයි…! තව ඇමැති ධූර තුනක් ගන්න ශ්‍රීලනිපය සූදානම්…!

July 11, 2021 at 8:55 pm | by emanisa.lk

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිලගේ අමාත්‍යාංශවල විෂය පථවල වෙනස්කම් කරමින් නව කැබිනට් සංශෝධනයක් සිදු කිරීමට සූදානම් වන බව ඉරිදා දිවයින වාර්තා කරයි.

එසේ ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තවත් ඇමැති ධූර තුනක් ලබා දීමට ද සූදානමක් ඇතැයි එහි වැඩි දුරටත් වාර්තා වෙයි.
රටේ ඉදිරි සංවර්ධන සහ ආර්ථික ඉලක්කයන් කඩිනම් කිරීම සඳහා මෙම නව කැබිනට් සංශෝධනය සිදුකිරීමට තීරණය කර තිබේ.
එසේ ම නව කැබිනට් සංශෝධනය යටතේ ලබාදෙන ඇමැති ධූර භාර ගැනීමට ශ්‍රීලනිපය කැමැත්ත පළ කර ඇතැයි සඳහන් ය.
මෙම නව කැබිනට් සංශෝධනයේ ද සෞඛ්‍ය, පොලිසිය, කම්කරු සහ අධ්‍යාපන යන අමාත්‍යාංශවල ඇමැති ධූරවල සංශෝධනයක් වනු ඇතැයි ද එම අමාත්‍යාංශ සඳහා කාර්යක්ෂම තරුණ ඇමැතිවරුන් පත් කෙරෙනු ඇතැයි ද වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස