කැබිනට් මණ්ඩලයට මුස්ලිම් ඇමතිවරයෙක්…!

December 22, 2024 at 9:58 am | by emanisa.lk

සමාජ ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර් මුලෆ්ෆර් මහතා ඉදිරියේ දී කැබිනට් අමාත්‍ය ධුරයකට පත් කෙරෙනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

වත්මන් ආණ්ඩුවේ මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරයෙකු නොමැති අතර ඒ පිළිබිඳ ඇතැම් පාර්ශ්ව මැසිවිලි නඟමින් ඇත.

ඒ අනුව මොහොමඩ් මුනීර් මුලෆ්ෆර් දැනට දරන සමාජ ඒකාබද්ධතා විෂය භාර කැබිනට් අමාත්‍යවරයා ලෙස ඔහු පත්වීමට ඉඩ ඇති බව ද සඳහන්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *