කැබිනට් තීන්දුවට විරුද්ධ නම් බොරුවට උසාවි නොයා ඇමැතිකම්වලින් ඉල්ලා අස්වනු…! – පතිරණ..

December 13, 2021 at 6:13 pm | by emanisa.lk

කැබිනට් සාමූහික වගකීම යනු සියවස් ගණනක් පැරණි පාර්ලිමේන්තු සම්ප්‍රදායකි. එහි අර්ථය නම්, කිසියම් කැබිනට් සාමාජිකයෙකු යම් තීරණයක් සමග පුද්ගලික ව එකඟ නොවූවද ප්‍රසිද්ධියේ විරුද්ධ නොවීමයි.

අප පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගෙන තිබෙන එක්සත් රාජධානිය, කැනඩාව, හා ඕස්ට්‍රේලියාව වැනි රටවල මෙය තදින් ක්‍රියාත්මක වේ. ඇරත් එය ශිෂ්ඨත්වයේ ස්වභාවයකි.

කිසියම් කැබිනට් සාමාජිකයෙකුට කැබිනට් තීරණයකට එරෙහි විය යුතු නම්, ඔහු හෝ ඇය එසේ කරන්නේ තම ඉල්ලා අස්වීම බාර දීමෙන් පසුව පමණකි.

එම එරෙහි වීම සුජාත එකක් හෝ තාර්කික මෙන්ම අවංක එරෙහිවීමක් ලෙස සැලකේ. එසේ නොවන, එරෙහිවීම් කපටි, වංක හා රැවටිලිකාර ඒවා ලෙස ගැනේ.

මහින්ද පතිරණ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *