ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඊයේ (08) දඹුල්ල නගරයේ කොළ බෙදමින් මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් සිදු කිරීමට උත්සාහ දැරීමත් සමඟ පොලිසිය පැමිණ එම කටයුත්ත නවතා දමා තිබේ.
අමාත්‍යවරයා ඇතුළු පිරිස ජනාධිපතිවරයාට සහාය පළ කරමින් කොළ බෙදමින් සිටි අවස්ථාවේ තවත් පිරිසක් පැමිණ ‘හූ’ කියමින් ඊට විරෝධය පාන්නට වූ අතර එහිදී සිද්ධිය තවත් උණුසුම් විය.
එම ස්ථානයට පැමිණි දඹුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. ආර්. එම්. වසන්ත මහතා විශාල පිරිසක් සමග මෙලෙස මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල යෙදීම නීතියට පටහැනි බව ප්‍රකාශ කරමින් පිරිස විසිරුවා හැර තිබේ.
එක් කණ්ඩායමකට විශාල පිරිස් සමග මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරීමට සහ ඒවා වීඩියෝගත කර සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමට අවස්ථාව ලබා දී තමන්ට එම අවස්ථාව ලබා නොදීම අසාධාරණ බව අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරයි.