පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ සොහොයුරු හිටපු පළාත් සභා මන්ත්‍රී නිහාල් වෙදආරච්චි පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ පසුගිය මැයි මස 09 වැනි දා තංගල්ලේ නිවාස දෙකකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි.
සැඟවී සිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීම ප්‍රමාද වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව සඳහන් කළේය.