කාර්යශූර නිලධාරීන් පොලිසියට සම්පතක්! – අගමැති

February 7, 2019 at 4:59 pm | by admin

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිර්භීත, කාර්යශූර නිලධාරීන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට සම්පතක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

පසුගියදා සිදු කරන ලද මෙහෙයුම්වලට දායක වූ විශේෂ කාර්ය බළකායේ සියලුම නිලධාරීන්ට තමන්ගේ ප්‍රශංසාව පළකරන බවද අගමැතිවරයා සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය හා ඒ ආශ්‍රිත අපරාධ මැඬලීම උදෙසා පොලිස් විශේෂ කාර්ය බළකාය සිදු කරන මෙහෙවර අගයමින් අග්‍රාමාත්‍යවරයා විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාට ලිපියක් යොමු කරමින් මේ බව පවසා තිබේ.

පෙබරවාරි 05 වෙනිදා විශ්‍රාම යාමට නියමිතව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලතීෆ්ට වසරක සේවා දිගුවක් ලබා දීමට ජනාධපතිවරයා කටයුතු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *