කාම්බෝජයේ අගමැතිතුමා අවුරුදු 35ක් තිස්සේ රට පාලනය කරනවා! ඉතින් එහෙම රටවලුත් තියෙනවා! – ජනපති අමුතු කතාවක් කියයි…

August 16, 2019 at 12:03 pm | by emanisa.lk

කාම්බෝජයේ අගමැතිතුමා වසර 35ක් තිස්සේ ඒ රටේ පාලකයා ලෙස කටයුතු කළ බවත් තවත් වසර 10ක් පාලනයේ සිටින්නට අදහස් කරගෙන සිටින බවත් ඔහු තමන් සමග පැවසූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ මහනුවර, කටුගස්තොට ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

“මං පසුගිය සතියේ ගියෙ කාම්බෝජයට. කාම්බෝජයේ ජනගහණයෙන් 70%ක් වයස 18 – 35 අතරෙ. පොල්පොට් පාලනය 1970 දශකයේ මුල කාම්බෝජයේ ලක්ෂ 25කට වැඩිය මරලා දැම්මා. සියලුම වෘත්තිකයින් උගතුන් සියල්ල මැරුවා. වැඩිහිටියො සියලු දෙනාම මරලා දැම්මා. අපි වගේ දෘෂ්‍යාබාධවලින් පෙළෙන කණ්නාඩි දාන ඔක්කොම මරලා දැම්මා.

කණ්නාඩි දාන අය ඔක්කොම පොල්පොට් හැඳින්නුවෙ පොල්පොට්ගේ පාලනයට විරුද්ධ ඔත්තුකාරයො හැටියට. පොල්පොට්ට අහුවුණා නම් මාත් එක්ක මෙතන කණ්නාඩි දාලා ඉන්න ඔක්කොම මරලා දානවා.

ඉතින් දැන් ඉන්න අගමැතිතුමා එයාම මට කිව්වා ‘මං දැන් අගමැති විදියට කාම්බෝජයේ අවුරුදු 35යි කියලා. මං ඇහුවා තව කීයක් ඉන්නවද කියලා. කාම්බෝජ අගමැතිතුමා කිව්වා දැන් 35ක් හිටියා අගමැති හැටියට තව 10ක් ඉන්නවා කියලා. ඉතින් එහෙම රටවලුත් තියෙනවා”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස