කාමර බිත්තියේ ඉෂාලිනීගේ පාපෝච්චාරණයක්….! පරීක්ෂණ කණ්ඩායම් එහි සුලමුල සොයා ලුහුබඳී….!

August 3, 2021 at 8:35 am | by emanisa.lk

රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ දී සිරුරට ගිනි ඇවිළී මියගිය 16 හැවිරිදි දැරිය නවාතැන් ගෙන සිටි කුඩා කාමරයේ බිත්තියේ ලියා ඇති බව කියන “මගේ මරණයට හේතුව” යන වැකිය ඊයේ (02) එම නිවෙසට ගිය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ දැඩි පරීක්ෂාවට ලක්ව තිබේ.

අදාළ තේරුම සහිත දෙමළ යෙදුම ඉංගිරිසි බසින් එහි බිත්තියේ සටහන් කර තිබේ.

පෑනකින් ලියා තිබූ බව කියන එම වැකිය දැරිය විසින් ලියූ එකක්ද? එසේත් නොමැති නම් දැරිය පිලිස්සී මිය යෑමෙන් අනතුරුව පරීක්ෂණ කටයුතු නොමඟ යැවීම සඳහා සිදුකළ ක්‍රියාවක්ද? යන්න තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂණ පැවැත්වෙයි.

මෙම අත්අකුරු සහ ඉෂාලිනීගේ අත්අකුරු පරික්ෂා කිරීම සඳහා ද පරීක්ෂණ කණ්ඩායම් කටයුතු කරමින් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *