වී සහ එළවළු වගාවන් සඳහා රසායනික පොහොර ගෙන්වීමට රජය මේ දක්වා කිසිඳු තීරණයක් ගෙන නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.
ශාක පෝෂක රසායනික පොහොරක් ගෙන්වන බවට පළවන තොරතුරුවල කිසිදු සත්‍යතාවක් නැතැයි ද කෘෂිකර්ම අමාත්‍යවරයා අවධාරණය කළේය.
ජනතාවගේ සුබ සිද්ධිය තකා ක්‍රියාත්මක කළ කාබනික පොහොර ප්‍රචලිත කිරීමේ වැඩසටහනේ ආපසු හැරවීමක් ගැන මේ වන තෙක් රජය කිසිඳු ප්‍රතිපත්ති තීන්දුවක් ගෙන නැතැයි ද කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.
කෙසේ වුව ද වී, බඩඉරිඟු, එළවලු ඇතුළු අත්‍යවශ්‍ය කෘෂි භෝග සඳහා අවශ්‍ය කෘෂි රසායන ආනයනය කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබා දීමට තමන්ට සහ වැවිලි කර්මාන්ත අමාත්‍යංශ ලේකම්වරයාට බලතල ලබා දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්, මහාචාර්ය උදිත් කේ. ජයසිංහ ප්‍රකාශ කර තිබිණි.