කාබනික පොහොර ව්‍යාපෘතියට රටවල් 17ක් උදව් කරනවා…! සමගි බලේ ජවිපෙ ඊට එරහිව උද්ඝෝෂණ මෙහෙයවනවා…! – මහින්දානන්ද අලුත්ගමගේ…

July 7, 2021 at 8:57 am | by emanisa.lk

පසුගිය වසර‍ තුනක කාලය තුළ රසායනික පො‍හොර භාවිතය සියයට තුන්සියයකින් ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

ඇමැතිවරයා පාර්ලිමේන්තු‍වේදී ඊයේ (06) මේ බව ප්‍රකාශ කළේය.

2018 වසරේදී මෙරට රසායනික පොහොර භාවිතය මෙට්‍රික් ටොන් ලක්ෂ හතරක් වූ නමුත් වර්තමානයේදී එය මෙට්‍රික් ටොන් 12ක් වන බව ද ඇමැතිවරයා පෙන්වා දෙයි.

රසායනික පොහොර සමාගම් විසින් වර්තමානයේ පොහොර හිඟයක් මවා පා ඇත්තේ, රජය විසින් දියත් කර ඇති කාබනික ‍කෘෂිකර්මාන්තය එළඹෙන කන්නයේ දී සාර්ථක වන නිසා බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
කාබනික පොහොර නිෂ්පාදනය හා භාවිතයට අවශ්‍ය නයිට්‍රජන් හා පොටෑසියම් ආනයනය කරන අතර ඒ සඳහා සියල්ල සූදානම් කර ඇතැයි ද ලොව රටවල් දාහතරක් මෙම ව්‍යාපෘතියට ආධාර දීමට සූදානම්ව සිටින බව ද ඇමතිවරයා තව දුරටත් අනාවරණය කළේය.

කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස තමුන් මුල සිට දැරූ ස්ථාවරය වූයේ මෙම කන්නයට අවශ්‍ය පොහොර මෙරට සතුව ඇති බව යැයි ද ඇමතිවරයා කීය. රට පුරා ගොවි වර්ජනවලට දේශපාලන නායකත්වයක් ලබා දෙන්නේ සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ බව ද කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *