කාබනික පොහොර නමින් ඉන්දියානු කසළ ගෙනාවාදැයි සැකයක්…! කන්ටේනර් රේගුවේ රඳවා විමර්ශන අරඹයි…!

June 8, 2021 at 1:42 pm | by emanisa.lk

ඉන්දියාවේ සිට ආනයනය කරන ලද කාබනික පොහොර බහාලුම් තුනක් පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදන්ත සිල්වා පවසයි.

නාගරික කැළි කසළ යොදා ගෙන මෙම කාබනික පොහොර නිපදවා තිබෙන බවට ලද ආරංචි මාර්ගවලට අනුව, අදාළ පොහොර තොගයේ තත්ත්වය පරීක්ෂා කරන ලෙස පැළෑටි හා ශාක නිරෝධායන ඇතුළු අංශ කීපයකට සාම්පල ලබා ගන්නැයි දැනුම්දී තිබේ.

එම ආයතනවල වාර්තා ලැබෙන තුරු අදාළ බහාලුම් වරායේ ම රඳවා ගන්නා බව රේගුව සඳහන් කරයි.

නාගරික කසළවලින් නිපදවූ බවට සැක කෙරෙන මෙම පොහොර සහිත බාහලුම් නිදහස් කර ගැනීමට රජයේ අංශ කීපයක් උත්සාහ දරමින් සිටින බව ද අනාවරණය වේ.

මෙම කාබනික පොහොර තොගය ඇනවුම් කර ඇත්තේ ඉන්දියාවේ තමිල්නාඩුවේ පිහිටි සමාගමකිනි. කොළඹ 12 ප්‍රදේශයේ සමාගමක් මෙම පොහොර තොගය ආනයනය කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස