කාබනික පොහොර ජාවාරම්කාරයෝ වැහි වැහැලා…! ගොවියාට හොඳ කාබනික පොහොර දීම දැඩි අභියෝගයක්…! – කාබනික පොහොර රාජ්‍ය ඇමැති…

September 4, 2021 at 5:10 pm | by emanisa.lk

කාබනික පොහොර ජාවාරම් බිහි වී ඇති හෙයින් පොහොර නිෂ්පාදනයේ දී ඒවායේ ප්‍රමිතිය නිසි පරිදි පවත්වා ගෙන යෑම ප්‍රධානතම අභියෝගය වී ඇති බව කාබනික පොහොර රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්පවසයි.

“දැන් කොම්පෝස්ට් කියන්නෙ කුණු නේ කොහේ හරි රටක තියෙන. අපේ රටේ තියෙන කුණු ටික හොඳට ම ඇති. හරියට ප්‍රමිතිගතව හදාගත්තොත් අපේ රටේ තියෙන අමුද්‍රව්‍ය ප්‍රමාණයත් ඇති. දැන් සමහර වෙලාවට මේක ජාවාරමක් ලෙස පොහොර හදනවා, පොහොර හදනවා කියලා මේ අමුද්‍රව්‍ය ටිකත් විනාශ කරනවා.

මම එක්තරා ප්‍රදේශයක පොහොර හදන අංගනයක් බලන්න ගියා. ඉතිං එක පැත්තක මේ පොහොර ටික හදන එක අර කරකවන මේකක් දාලා කරකවලා කරකවලා හළනවා. පෙනේරයකින් හළනවා. සම්පූර්ණ වැටෙන්නෙ කළු ගලුයි තිරිවාණා ගලුයි. කවදාවත් ප්‍රමිතිගත කොම්පෝස්ට් පොහොර එකක කළුගල් තිරිවාණා ගල් තියෙන්න බෑ. ඒ කියන්නෙ මේ පස් ටිකක් කවලම් කරලා. ඔන්න ඕක තමයි අපට ඊළඟ තියෙන ලොකුම අභියෝගය.

එනිසා තමයි පොහොර සංස්ථා දෙක හරහා අපි බලාපොරොත්තු වෙන්නෙ මේක ප්‍රමිතියකට නිෂ්පාදනය කරවන්න. අපි දන්නවා කවුද හදන්නෙ කියලා. ඒ හරහා පමණයි ගොවියාට පොහොර ටික අපි ලබාදෙන්නෙ. අස්වැන්න අඩුවෙනවා ද අස්වැන්න වැඩිවෙනවා ද කියල ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හරහා අපි දැඩි අධීක්ෂණයක් කරනවා. ඒ වගේ ම රජයේ අනෙකුත් සියලුම වැවිලි කර්මාන්තයට සම්බන්ධ ආයතනවලිනුත් මේ අධීක්ෂණය කරනවා. මොකද මුළු රටක් හැටියට මේකට යන පළමු අවස්ථාව නිසා. ගැටළුවක් එනවා නම් ඊළඟ යල කන්නයේ ඉඳල, ඒකටත් විසඳුම් දෙන්න බලාපොරොත්තුව වෙනවා.”

අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මේ බව පැවසුවේ කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවක නිරත වන අතර මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස