කාබනික පොහොර ගෙන ඒමේ උවමනාවක් නෑ….! මහ කන්නේ ඉඳලා කාබනික පොහාර දෙනවා…! – මහින්දානන්ද…

June 5, 2021 at 3:59 pm | by emanisa.lk

කාබනික පොහොර ආනයනය කිරීම පිළිබඳව රජයේ අවධානය යොමු වුව ද මේ වන විට ලැබී තිබෙන තොරතුරු අනුව පොහොර ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

එළඹෙන මහා කන්නයේ සිට ගොවින්ට අවශ්‍ය කාබනික පොහොර සහනාධාර මට්ටමින් සියලු ගොවි ජනතාවට ලබා දෙන අතර රටට අවශ්‍ය පොහොර දේශීය මට්ටමින් නිෂ්පාදනය කර ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව ද අලුත්ගමගේ කියයි.

කාබනික පොහොර ආනයනය කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා සොයා බැලීමට වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ප්‍රමුඛ කමිටුවක් පත් කර තිබෙන බව කී අමාත්‍යවරයා පොහොර හිඟයක් සම්බන්ධයෙන් කිසිදු අනිසි බියක් ඇති කරගත යුතු නැතැයි ද සඳහන් කරයි

යල සහ මහ කන්න සඳහා හිඟයකින් තොරව පොහොර ලබා දීමට රජය කටයුතු කරන බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා විදේශ රටවල කසල කාබනික පොහොර ලෙස ගෙන එන්නට හදනවා යැයි කතාවක් පැතිරීම අමූලික බොරුවක් බවත් මෙරටට විදේශයන්ගෙන් කාබනික පොහොර ආනයනය කරනවා නම් එලෙස ගෙන්වන්නේ ජීවානුහරණය කරන ලද ඉහළම ප්‍රමිතියෙන් යුතු පොහොර බව ද අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *