රටට උවමනා සියලු පොහොර රටේම නිපදවයි…! කාබනික පොහොර ආනයනය අත්හිටුවයි…!

June 25, 2021 at 1:31 pm | by emanisa.lk

කාබනික පොහොර ආනයනය තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් පවසයි.

කාබනික පොහොර ආනයනය පිළිබඳව පසුගිය දින කිහිපයේ දී එල්ල වූ චෝදනා පිළිබඳ අවධානය යොමු කරමින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

රටට උවමනා කාබනික පොහොර රට තුළ ම නිෂ්පාදනය සඳහා දිරිගැන්වීමට සැලසුම් කර ඇති බව ද එම රජයේ ආරංචි මාර්ග අනාවරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *