කාබනික පොහොරින් කුඹුරු කරන්න පුළුවන් කියලා අපි නම් කිව්වේ නෑ…! – කෘෂිකර්ම අධ්‍යක්ෂ…

October 13, 2021 at 10:28 pm | by emanisa.lk

අක්කරයකට කාබනික පොහොර කිලෝ ග්‍රෑම් පන්සියක් ලබාදෙන බවට රජය මගින් පවසා තිබුණ ද, එය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයකින් තහවුරු වී නොමැති බව කෘෂිකර්ම අධ්‍යක්ෂ හේමන්ත අමරසිංහ පවසයි.

කාබනික පොහොරත් රසායනික පොහොරත් මිශ්‍ර කිරීමෙන් සාර්ථක අස්වැන්නකට යා හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නිර්දේශය බවත් ඔහු මෙහි දී අනාවරණය කළේය.

කෙසේ වෙතත් රජය මගින් ගත් ප්‍රතිපත්ති තීන්දුවට අවනතව කටයුතු කළ යුතු බවත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

වගා හානි සම්බන්ධයෙන් තවමත් චක්‍රලේඛ නිකුත් කර නොමැති නිසා වගකීමක් ගත නොහැකි බවත් කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයා මෙහිදී ගොවීන්ට සදහන් කර ඇත.

ඒ, ලුණුගම්වෙහෙර දකුණු ඉවුරේ ගොවීන් සමග ඊයේ (12) පැවැති කන්න රැස්වීමේදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *