කාබනික ගොවිතැනට එරෙහි වෙන්නේ වස කොම්පැනිවලින් යැපෙන අය….! – වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය

June 10, 2021 at 10:24 am | by emanisa.lk

කෘෂිකර්ම අමාත්‍යාංශයේ සිටින ඇතැම් නිලධාරීන් කාබනික ගොවිතැන ගැන නොදන්නා බවත් ඇතැම් නිලධාරීන් පැහැදිලිවම කෘෂි රසායන සමාගම්වලින් යැපෙන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පවසයි.

“මේ කාබනික ගොවිතැන කියන එක පිළිබඳ අපේ මේ ඉන්න සමහර කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් ඉගෙන ගෙන නෑ. ඒ අය දන්නෙ නෑ ඒක ගැන. එතකොට ඒක ගැන අද ලෝකෙ දියුණු වෙලා තියෙනවා.

එතකොට කාබනික ගොවිතැන දියුණු කරන්න අර නයිට්‍රිජන් ප්‍රමාණය ෆික්ස් කරලා වැඩිකිරීම සඳහා තියෙනවා අද තාක්ෂණය. ඒක නිසා බටහිර කාබනික ගොවිතැන කියන එක ඉගෙනගත්ත අයගෙ තාක්ෂණය අපි මෙරටට ගන්න අවශ්‍යයි. ඒ තාක්ෂණය ගැනීම සඳහා අපි නිහතමානී වෙන්න අවශ්‍යයි.

මේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ සමහර නිලධාරීන් දන්නෙත් නෑ, දන්න කෙනෙක්ගෙන් අහන්න ලෑස්තිත් නෑ. අනිත් එක ඒ අය සමහර පිරිස් මේ කියන කෘෂි රසායන සමාගම්වලින් පැහැදිලිවම යැපෙනවා.”

වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මේ බව පැවසුවේ ඊයේ (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස