කාන්තා පෙට්ටියේ ගැබිනියක් හිටගෙන! එක පිරිමියෙක් හිටියා නම් මෙහෙම වෙයිද?

March 14, 2019 at 1:55 pm | by admin

පසුගිය කාන්තා දිනයට සමගාමීව දුම්රිය කිහිපයක කාන්තාවන් සඳහා පමණයි මැදිරි වෙන් කළේ පොදු ප්‍රවාහන සේවාවල සිදුවන ලිංගික හිංසනය නතර කිරීමට සහ කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමටය. ඒ අනුව ප්‍රධාන දුම්රිය අටක පමණ මෙම වැඩසටහන ආරම්භයේ දී ක්‍රියාත්මක කළ අතර එහි සමාරම්භය සනිටුහන් කළේ අමාත්‍ය අර්ජුන රණතුංග විසිනි.

කෙසේ වුවද දුම්රිය තදබදය අවම කිරීමට කටයුතු කිරීම වෙනුවට පය බරවයට පිටිකර බෙහෙත් බැඳීම වැනි නිශ්ඵල කටයුතු කරන බවට පැවසූ බොහෝ දෙනා මෙම මැදිරි වෙන් කිරීම විවේචනය කළේය. ඇතැම්හු එය යහපතක් ලෙස දුටුහ.

කෙසේ වුවද මේ වන විට අන්තර්ජාලයේ හුවමාරු වන මෙම ඡායාරූපය පෙන්නුම් කරන්නේ සෙනග පිරුණු කාන්තා මැදරියක ගැබිනි කාන්තාවක් හිටගෙන ගමන් කරන ආකාරයයි. මෙහි සියලු අසුන්වල කාන්තාවන් අසුන් ගෙන සිටින අතර කිසිවකු ඇයට අසුනක් ලබා දීමට ඉදිරිපත් වී නැත. ඇතැම් කාන්තාවන් නිදා ගෙනද සමහරු කතා බස් කරමින් ද කිසිදු වගක් නැති ගමන් කරති.

මෙම මැදිරියේ එක පිරිමියකු හෝ අසුන් ගෙන සිටියේ නම් එම ගැබිනියට මේ ආකාරයට අපහසුවෙන් හිටගෙන යාමට සිදුවේ දැයි ෆේස්බුක්හි බොහෝ දෙනා විමසා සිටිති. සාමාන්‍ය දුම්රිය සහ බස් රථවල ද බොහෝ විට ගැබිනියකට අසුනක් ලබා දීමට ඉදිරිපත් වන්නේ පිරිමියෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *