කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා ගෙන එන ලද පනතට සංක්‍රාන්ති ලිංගිකයන් පිළිබඳ ඇතුළත් කළේ මන්දැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ප්‍රශ්න කරයි.
අද (18) පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.
මේ වන විට බටහිර ඖෂධ සංගම් හොමෝන භාවිතයෙන් ගැහැනු පිරිමි කරන පිරිමි ගැහැනු කරන ජාවාරමක් ආරම්භ කර ඇතැයි ද එම ජාවාරම්කරුවන්ගේ උවමනා එපාකම් සංසිඳුවීමට ඉඩ දිය නොහැකි බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය.
ඔලිම්පික් ක්‍රීඩාවේ පවා සංක්‍රාන්ති ලිංගිකයන් කාන්තාවන් ලෙස පිළිගැනීම ප්‍රතික්ෂේප කොට ඇති අතර එය ද මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් දැයි ඔහු ප්‍රශ්න කර සිටියේය.
පනත පිළිබඳ ශ්‍රේෂ්ඨාධීකරණ තීන්දුවට පාර්ලිමේන්තුවේ සිට ජනාධිපතිවරයා අභියෝග කළ බවට චෝදනා කළ මන්ත්‍රීවරයා, එසේ කළ හැකි නම් ශ්‍රේෂ්ඨාධීකරණය වසා දැමිය යුතු බව ද සඳහන් කළේය.